July 17, 2013



මේ ලිපිය තමයි මම ඔයාලට Online Marketing ගැන ලියන පලවෙනි ලිපිය. අද කතා කරන්න යන මාතෘකාව අන්තරජාලයෙන් මුදල් උපයන්න හිතන් ඉන්න සහ දැනට මුදල් උපයමින් ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. 


 අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි. කොහොමද අපි අන්තරජාලයෙන් හොයන මුදල් ලංකාවට ගන්නේ කියන එක, එකට ක්‍රම කීපයක්ම තියෙනවා.

1. Bank Account එකට ගැනීමෙන් (සමහර අය paypal හරහා ගන්නවා )
2. Check එකක් මඟින් (ඇඩ්සෙන්/Clickbank )
3. Payoneer MasterDebit Card එක හරහා 


අපිට ඔය කියපු හැම විදියකින්ම අපිට මුදල් ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයාලා වැඩ කරන සයිට් එකෙන් සයිට් එකට එයාලා අපිට මුදල් 
Withdraw කරන්න දීලා තියෙන විදිය වෙනස් වෙනවා. මේ හුගක් සයිට් වලින් අපිට ලේසියෙන්ම ඩොලර් paypal එකට ගන්න පුළුවන් වෙනවා. මොකද දැනට ලෝකෙම ප්‍රසිද්ධ Online Payment Processor එක paypal වෙන නිසා. අපි paypal වලට සල්ලි ගත්තත් නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ අපිට මේ ගත්ත සල්ලි ලංකාවට ගෙන්වා ගන්න, සමහරු  එත් වැඩි කාලයක් මෙහෙම සල්ලි ලංකාවට ගෙන්න බැහැ කවදා හරි එක අහුවෙනවා. හැබැයි ඉතින් අහුවෙන්නේ නැති වෙන්නත් සල්ලි ගෙන්න විදි තියෙනවා අද කියන්න යන්නෙත් ඒ වගේ විදියක් තමයි. ඉස්සරහට කියන්න්න්මි කොහොමද එතත් කරන්නේ කියලා. තාමත් ලංකාව් තියෙන්නේ Send Money to Anyone in the Growing PayPal Network කියන Group  එකේ. ලගදීම මහා බැංකුව paypal වලින් මුදල් ලංකාවට නිතියානුකුලව ගෙන්න පුළුවන් වෙන විදියට නීති  සකස් කරාවි කියලා හිතනවා. 




අද මම කියන්න යන්නේ paypal වලින් කොහොමද ලංකාවට මුදල් පහසුවෙන්ම ගේන්නේ කියන එක ගැන නමි නෙමේ.  Payoneer MasterDebit Card එක ගැන තමයි. අපිට  Payoneer MasterDebit Card එකක් ගත්තට පස්සේ පුළුවන් ඒ කාර්ඩ් හරහා අපේ paypal එකේ තියෙන සල්ලිත් ලංකාවට නිත්‍යානුකූලව ගෙන්න ගන්න. 


අපි බලමු මොකක්ද මේ  Payoneer MasterDebit Card කියන්නේ කියලා........    

Payoneer.com එකෙන් තමයි මේ Payoneer Master Card එක අපිට දෙන්නේ මෙයාලා මේ වැඩේ කරන්නේ 2005 වර්ෂයේ ඉදලා තමයි. payoneer එකට මේ වැඩේ කරන්න තවත් බැංකු කිහිපයකම උදාවී වෙනවා. ඒ බැංකු තමයි  Choice Bank, First Covenant Bank සහ  First Century Bank. අපි payoneer කාර්ඩ් එකක් ගන්න ඉල්ලුම් කරන කොට එයාලා අපිට නොමිලේම මම ඉහත කියන ලද බැංකු වලින් එක බැංකුවකින් ගිණුමක් සදා ගන්න ඉඩ ලබා දෙනවා.
  
අපිට මේ කාර්ඩ් එක ගන්න නමි අපිට වයස අවුරුදු 18 ට වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්තමි ගෙදර ඉන්න වයස 18 ට වැඩි වෙන කෙනෙක්ගේ නමට උනත් ගන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව. 

මේ කාර්ඩ් එක නිත්‍යානුකූල එකක් හින්දා මේක ලංකාවේ ඕනෑම තැනකදී අපිට භාවිතා කරන්න පුළුවන් වෙනවා. තව එකක් කියන්න අමතක උනා මට කවුරු හරි ඇහුවොත් ඔයා ඔය Master Card එක ගත්තේ මොන බැංකුවෙන්ද කියලා එතකොට මම කලින් කියපු බැංකු වලින් එකක් කියන්න එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මොකද දන්නවද මම එහෙම කියුවේ Master Card අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ බැංකුවක් හරහා විතරයි. එකත් මතක තියාගෙන අපි මේ වැඩේ දිගටම කරගෙන යමු.



 දැන් බලමු කොහෙන්ද මේ කාර්ඩ් එක අපිට ගන්න පුළුවන් කියලා... 

අපිට මේ කාර්ඩ් එකට Apply කරන්න විදි කීපයක්ම තියෙනවා. 

1. Partner Programs හරහා ( ඒ කියන්නේ Fiverr,   oDesk, Elance, freelance )

2. නැත්තමි අපිට කෙලින්ම payoneer.com සයිට් එකෙන්ම ගන්න පුළුවන්.(මේ ගැන තමයි අද අපි කතා කරන්නේ)  
             




        සමහරු හිතන් ඉන්නේ මේ කාර්ඩ් එකේ Fees ගොඩක් වැඩයි කියලා. එක මම නමි කියන්නේ. මේ කාර්ඩ් එක හරියට භාවිතා කලොත් මේකේ Fees එච්චර වැඩි වෙන්නේ නැහැ කියලා. 

payoneer කාර්ඩ් එකේ Fee ගැන කියනවා නමි,

1. කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න $ 29.95 කැපෙනවා.

2. කාර්ඩ් එකට සල්ලි ලෝඩ් කරන කොට $ 2ක් කැපෙනවා. දිගටම සල්ලි කාර්ඩ් එකට දාන කොට මේ ගාන $1 විතර වෙනවා 

3. කාර්ඩ් එකෙන් සල්ලි අපි ගන්න කොට $ 3.15ක් විතර කැපෙනවා.  

 4. ATM එකෙන් අපේ Balance එක බැලුවොත් $ 1ක් කැපෙනවා මම නමි කියන්නේ පුළුවන් තරමි තමන්ගේ එකවුන්ට් එකට ලොග් වෙලාම Balance එක බලා ගන්න කියලා. එක අපිට වාසිදායකයි.  

5. Purchase Transaction (Free) ඒ කියන්නේ අපි අන්තරජාලයෙන් හරි කඩේකින් හරි මේ කාර්ඩ් එක භාවිතා කරලා මොනවා හරි දෙයක් ගත්තොත් ඒ සදහා කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ.

6. මේ කාර්ඩ් එක කෙලින්ම payoneer.com එකෙන් ගන්න කොට අපිට මාසික ගාස්තුවක් ගෙවන්න වෙන්නේ නැහැ. 

Partner Programs හරහා ( ඒ කියන්නේ Fiverr,   oDesk, Elance, freelance ) ගත්තු කාර්ඩ් වලට නමි මාසෙකට $ 3ක් වගේ කැපෙනවා. 
Fiverr, ODesk, Elance, Freelance වගේ කරන අයට කරන්න තියෙන්නේ කෙලින්ම payoneer සයිට් එකෙන්ම කාර්ඩ් එකක් අර ගෙන එක අපේ Partner Program එකට සම්බන්ද කරන එක තමයි.

  




මම හිතනවා ඔයාලට payoneer කාර්ඩ් එක ගැන යමි අදහසක් එන්න ඇති කියලා. දැන් අපි බලමු කොහොමද මේ payoneer කාර්ඩ් එකට apply කරන්නේ කියලා. මේ දවස් වල Apply කරන අයට $ 25ක්  ලැබෙනවා. ඔයාලට මේ $ 25 ගන්න ඕනේ නමි ඔයාලා මුලින්ම payoneer කාර්ඩ් එකට $ 100ක් විතර දාන්න වෙනවා. නැත්තමි ඔය $ 25 ලැබේනෙනේ නැහැ ඔයාලට. 


අපි දැන් බලමු කොහොමද Payoneer MasterDebit Card එකකට ඉල්ලුම් කරන්නේ කියලා.

සැලකිය යුතුයි : ඔයාලා මෙතැනදී දෙන විස්තර නිවැරදිව දෙන්න. නැත්තමි පස්සේ කරදර වෙන්න වෙන්නෙත් ඔයාලටම තමයි. 
ඔයාලගේ නම් හරියටම දෙන්න මොකද දන්නවද මම ඊළගට කියලා දෙන්නේ කොහොමද මේ payoneer එක නිවරදිව paypal එකට සම්බන්ද කරන්නේ කියලා. නම හරියට දීලා නත්තමි ඔයාලට paypal එකට payoneer එක සම්බන්ද කරන්න දෙන්නේ නැහැ. එක හින්දා එක හරියටම කරන්න.


ඊට පස්සේ මේ වගේ  screen එකක් ඒවි 


පියවර 02 : දැන් උඩ රුපයේ තියෙන විදියට අංක එක ක්ලික් කරන්න. 



පියවර  03: දැන් step ii ක්ලික් කරන්න එවිට මේ වගේ screen එකක් ඒවි. එය සමිපුර්ණ කරන්න. 


පියවර 04 : දැන් step iii ක්ලික් කර පහත රූපේ පරිදි එය සමිපුර්ණ කරන්න. අවසානයේ දී යටම තියෙන box තුනට ටික් තුන දාලා Finish කරන්න.      

එහෙම ලග දීම මේ ලිපියේ ඉතිරි ලිපි පෙලෙන් හමුවෙවූ. ඊළගට මම කියන්න යන්නේ කොහොමද අපිට ලැබුන payoneer කාර්ඩ් එකෙන් paypal වෙරිෆයි කරන්නේ කියලා.


Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක