September 10, 2012

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට Favicon එකක් දාගන්නේ කියලා. මම අද කියන්න යන  දේ නමි ඉතින් අපේ බ්ලොග් කරන යාලුවෝ ගොඩක් දෙනෙක් දන්නවත් ඇති, සමහරු නොදන්නවත් ඇති අන්න ඒ නොදන්නා අයගේ දැන ගැනීමට තමයි මම මේ පොස්ට් එක දන්න හිතුවේ. එහෙනමි අපි වැඩේ පටන්ගමු....

    මුලින්ම අපි කරන්න ඕනේ Favicon එක සදහා භාවිතා කරන්න icon එකක් සදා ගන්න ඕනේ. එක ඉතින් ෆොටෝෂොප් වලින් කර ගන්න පුළුවන්නේ. එහෙම බැරි නමි ඉතින් අන්තර්ජාලයෙන් උනත් ගන්න පුළුවන්නේ. ඊට පසු පහත පියවර පරිදි සිදු කරන්න.

පියවර  01


මුලින්ම Dashboard එකට ගිහිල්ලා Layout යන්න තෝරන්න. දැන් රූපය 02   හි ඇති Edit යන්න මත click කරන්න.
රූපය 01  
 රූපය 02 

පියවර  02
ඊට පසුව පහත රූපයේ පරිදි සදා ගත් favicon එක  upload කර ගන්න. ඒ සදහා පහත රූපයේ පරිදි  Choose File මත Click කරන්න. (මේ සදහා 100KB වලට අඩු File එකක් භාවිතා කරන්න.) අවසානයේ හතර වන රූපයේ පරිදි Save කරගන්න...
රූපය 03 
රූපය 04 

රූපය 05
05 රූපයේ දැක්වෙන්නේ අපි දැන ලදfavicon එක බ්ලොග් එකට වැටි ඇති ආකාරයයි .....


දැන් බලමු කොහොමද අපේ බ්ලොග් එකට animated favicon එකක් දාගන්නේ කියලා 

01 පියවර 
මුලින්ම Blogger account එකට log වෙලා පහත පරිදි සිදු කරන්න.
Blogger account > Template > Edit HTML > Proceed>
(Expand widget templates යන්නට ටික් එකක් දන්නා අමතක කරන්න එපා.) 
දැන් පහළින් දීලා  තියෙන Code එක හොයා ගන්න.(Ctrl +F ගහලා ඉතින්  ලේසියෙන්නම හොයා ගන්න පුලුවනේ) 

පියවර 02 
ඉහත දීලා තියෙන code එකට පහළින් මේ code එක paste කරන්න.


පියවර 03
දැන් ඔයලා Uplord කරපු gif එකේ Url එක "your-favicon-links-goes-here" තැනට Copy කරගෙන past කරන්න..

ඊට පස්සේ Tempalate එක Save කරන්න..  Save Template මත click කරන්න.


දැන් බලන්න ඔයාලා දාපු favicon එක තියෙනවද කියලා... 

එහෙනම් මම ගියා අයෙත් අලුත් දවසකින් හමුවෙමු 

Categories:

0 comments:

Post a Comment

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක