September 4, 2012



අපේ සමහර blog කරන යාළුවන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද Powerd by Blogger කියන එක අපේ බ්ලොග් එකෙන් අයින් කරන්නේ කියන එක, මොකද මේක අපි සාමාන්‍යයෙන් gadget එකක් අයින් කරන විදියට මේක අයින් කරන්න බැරි නිසා,
හරි එහෙමනම් දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද  මේ වදකාර  Powerd by Blogger  කියන එක අයින් කරන්නේ කියලා.

1) පියවර 
මුලින්ම දකුණු පස navigation menu එකේ තියෙන Template මත Click කරන්න.
2) පියවර 
Template Click කලාට පසුව Edit HTML යන්න, තෝරන්න.   

 3) පියවර 
මුලින්ම  Expand Widget Templates යන්නට ටික් එකක් දාලා ඉන්නකෝ. දැන් පහළින් පෙන්නලා තියෙන Code එක හොයාගන්න. (Ctrl+F ගහලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්නේ) දැන් කරන්න තියෙන්නේ මහන්සි වෙලා හොයා ගත්ත code එක Delete කරලා Save කරන්න.   


4) පියවර 
 පහත රූපයේ පරිදි Delete Widgets තෝරන්න අමතක කරන්න එපා.   

මට මුලින්ම කියන්න අමතක උනා මොනදේ  කරන්නත් කලින් Backup එකක්  අරගෙන ඉන්න. වැරදි විදියට Edit කරලා තිබුනොත් දන්නවනේ වෙනදේ එහින්දා Backup එකක් අරගෙනම වැඩේට බහින්න එක තමයි වඩාත් හොද, එහෙනම් මම ගියා ලගදීම අලුත් ලිපියකින් හමු වෙමු. ඔබට ජය .....   

  
    
Categories:

4 comments:

  1. thanks oyage post 1n math vadak gaththa

    ReplyDelete
  2. gamefbi මට සතුටුයි කවුරු හරි අපි හින්දා ගොඩ ගිය එක ගැන. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න අපි ඔයාලට මේ වගේම වැදගත් පොස්ට් මින් ඉදිරියටත් ලබා දෙන්න බලා පොරොත්තු වෙනවා...

    ReplyDelete
  3. මමත් ඔන්න ඔයාගේ post එක බලල ඒක ඉවත් කරා.මේ වගේ එකක් දාද්දි ඒ code ඒක text එකක් විදිහට දැම්මනම් කටත් ලේසි වෙයි කියල හිතනවා

    ReplyDelete
  4. හොද අදහසක් විශ්වජිත්,ඉදිරියට දාන පොස්ට් වලට එහෙම දැන්නම්.

    ReplyDelete

මාත් එක්ක දිගටම ඉන්න සෙට් එක